නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය අවධාරණය කරයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 ඔක්තෝබර් මස 11 සහ 12 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයට අයත් නිලධාරීන් සහ නාවිකයින් අමතා, නාවික හමුදවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව අවධාරණය කිරීම සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති 2025 ඔක්තෝබර් මස 11 වැනි දින නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව, ඔක්තෝබර් 12 දින උතුරු නාවික විධානය මඟින් සිදුකෙරෙණ කන්කසන්තුරය වරාය ආරක්‍ෂක මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය කිරීම, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සිදු කෙරිණි. එහිදී, වරාය ආරක්‍ෂක මෙහෙයුම් ඇතුළු උතරු නාවික විධානය මඟින් සිදුකෙරෙණ මෙහෙයුම්, පුහුණු, සංවර්ධන සහ සුභසාධන කටයුතු වඩාත් කාර්‍යක්‍ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකෙරිණි.
මෙම සංචාරයේදී, නාවික හමුදාධිපති විසින් උතුරු නාවික විධානයේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් ඇමතීම, කන්කසන්තුරය, පීඑච් ජැටියේදී සහ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පොදු භෝජනාගාරයේදී සිදුකෙරිණි.
එහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජාතික සමුද්‍රීය අභිලාශය සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන්, සමුද්‍රීය ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යය භාරයක් ශ්‍රි ලංකා නාවික හමුදාවට පැවරී ඇති බව පවසන ලදි. එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, එම ප්‍රමුඛ කාර්ය භාර්යය කාර්යක්‍ෂමව ඉටු කිරීම සඳහා; සාගරය ඔස්සේ සිදුකෙරෙණ මත් ද්‍රව්‍ය ජාවාරම, භාණ්ඩ ජාවාරම, අනවසර සංක්‍රමන, නීති විරෝධී ධීවර කටයුතු සහ සමුද්‍රීය පරිසර දුෂණය මැඩපවත්වා, සාගරය මතින් සිදුකෙරෙණ ආරථික කටයුතු සුරක්‍ෂිතව සිදුකිරීමට අවශ්‍ය ස්ථාවර සාගර කලාපයක් පෝෂණය කිරීම සහ බෙදුම්වාදී මතිමතාන්තර සඳහා අවකාශයක් ලබා නොදෙමින් මහජන ආරක්‍ෂාව හා ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා, සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ අධිෂ්ඨාණශීලී කැපවීම අවශ්‍ය බවත් අවධාරනය කෙරිණි.
එමෙන්ම, ඒ සඳහා නාවික හමුදාව සතු සම්පත්, තාක්‍ෂණය සහ වෘත්තීය නිපුණ පිරිස් බලය නිසි කළමණාකරණයකින් යුතුව පවත්වාගත යුතු බවත්, කාලීන අවශ්‍යතාවයන්ට අනුකූලව ඉදිරියේදී නාවික හමුදාව; හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ පිරිස් බලයෙන් ක්‍රමිකව වෙනස් විය යුතු ආකාරය පිළිබඳව සකස්කල 2030 උපායමාර්ගික සැළැස්ම ක්‍රියාවට නැංවීමේදී, ජාතික ආරක්‍ෂාවට සමඟාමීව ජාතික සංවර්ධනය සඳහා මෙන්ම, ශ්‍රී ලංකාව පාරසරික, සමාජමය සහ ආචාර ධර්මීය වශයෙන් ප්‍රථිස්ථාපනය කිරීමේ රාජයේ දැක්ම යතාර්ථයක් කරගැනීම සඳහා සිදුකෙරෙණ ව්‍යාපෘති වෙනුවෙන්ද සැමගේ දායකත්වය නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත් පවසන ලදි.