පාකිස්ථානයේ ජාතික ගුවන් විදුලි හා විදුලි සංදේශ සංස්ථාවේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
පාකිස්ථානයේ ජාතික ගුවන් විදුලි හා විදුලි සංදේශ සංස්ථාවේ (National Radio and Telecommunication Corporation - NRTC) නියෝජිත පිරිසක් අද (2025 ඔක්තෝබර් 09) නාවික හමුදා මුලස්ථානයේදී විශේෂ හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
මෙම හමුවේදී, නියෝජිත පිරිස සහ නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්විය.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.