වැදගත් සිදුවීම්

12 වන ගාලු කථිකාවේ දෙවන සැසිය තුලදී වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය පාලනය පිලිබඳ විද්වත් සාකච්ඡා මණ්ඩපයක්

ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 24 දින පැවති දෙවන සැසිය තුලදී, වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය පාලනය (Maritime Governance Under Changing Dynamics) යන තේමාවට අදාලව විද්වත් සාකච්ඡා මණ්ඩපයක්, මහාචාර්ය Quentin Hanich ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

25 Sep 2025

‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ සාගර කලාපීය පරිසරය’ අනු තේමාව යටතේ 12 වන ගාලු කථිකාවේ පළමු සැසිය පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ පළමු සැසිය, ‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය පරිසරය’ (Marine Environment Under Changing Dynamics) යන තේමාවට අදාලව, මහාචාර්ය Ronan Long ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

25 Sep 2025

වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය දැක්ම පිලිබඳ 12 වන ගාලු කථිකාවේදී පලදායි හා විද්වත් සාකච්ඡා සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධානයන්ගේ සමුද්‍රීය පාර්ශ්වකරුවන්, නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් 2025 සැප්තැම්බර් මස 24 වැනි දින ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාවට අදාලව පැවති සමාරම්භක සැසිය ඇතුළු සැසි තුනක් යටතේ සිදුකෙරුණු විද්වත් සාකච්ඡාවකින් අනතුරුව, සම්මන්ත්‍රණයේ පළමු දිනය සාර්ථකව නිමාවට පත් විය.

25 Sep 2025

12 වන ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසරදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අද (2025 සැප්තැම්බර් 24) ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව ඔස්සේ දින දෙකක් පුරා (2025 සැප්තැම්බර් 24-25) පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධාන 16 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වෙයි.

25 Sep 2025