වැදගත් සිදුවීම්

මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධිවර කටයුතු මැඩපැවැත්වීම සම්බන්ධව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ මුළුවක්

මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම පිළිබඳව මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, එම ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 19 වැනි දින උස්වැටකෙයියාව ශ්‍රි ලංකා නාවික නෞකා කැළණී ආයතනයේදී පැවැත්විණි.

21 Sep 2025

2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශය පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

නාවික හමුදාවේ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශය 2024 (Procurement Guideline 2024) සහ ලංසු කැඳවීමේ ක්‍රීයාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2025 සැප්තැම්බර් මස 17 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය අංශයේ ප්‍රධාන ගණකාධිකාරී ජීඑස්කේ සමරතුංග මහතාගේ සම්පත් දායකත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීණි.

21 Sep 2025

නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2025 සැප්තැම්බර් මස 18 වැනි දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

21 Sep 2025

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Matthew House, ඇතුළු එම තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක්, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ පිහිටි පුහුණු පාසලේහි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

21 Sep 2025