වැදගත් සිදුවීම්

නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් කළුබොවිල පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල 2025 අගෝස්තු මස 28 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2025 සැප්තැම්බර් මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල වෙත නිල වශයෙන් ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

19 Sep 2025

නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති ‘Junior Officer’s Conclave – 2025’ වැඩසටහන සාර්ථකව නිමාවට පත්වෙයි

නැව්පති සහ නාවික හමුදා දියත් විධානයේ කණිෂ්ඨ නිලධාරීන් අතර සිදුකෙරුණු විශේෂ සාකච්ඡාමය වැඩසටහන ‘Junior Officer’s Conclave – 2025’, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 14 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

19 Sep 2025