ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය, Hemas Pharmaceuticals (Pvt) Ltd සහ Vision 8 Academy හා එක්ව, ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය විශිෂ්ඨත්වය වෙනුවෙන් සංවිධානය කළ, සුවතාවය හා වෘත්තීය සංවර්ධනය පිලිබඳ එක්දින වැඩමුළුවක්, 2025 අගෝස්තු මස 21 වැනි දින නාවික හමුදා මුලස්ථානයේ ‘අද්මිරාල් සෝමතිලක දිසානායක’ ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, මෙම එක් දින වැඩමුළුව මඟින්, ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ වෛද්‍ය වෘත්තිකයන්ගේ මානසික සුවතාවය වර්ධනය හා වෘත්තීය සංවර්ධනය තුලින් සෞඛ්‍ය සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම අපේක්‍ෂා කෙරුණු අතර, එම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය නියෝජනය කරමින් ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන් 92 දෙනෙකු සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් (වෛද්‍ය) ජනක මාරඹේ ඇතුළු ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.