නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කල, විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 අගෝස්තු මස 21 වැනි දින සිට 25 වැනි දින දක්වා යාපනය දිස්ත්‍රීක්කය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය, යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය හා එක්ව සංවිධානය කල මෙම දන්ත වෛද්‍ය සායනය; කරෙයිනගර් ජේ/වියවිල් සයිවා විද්‍යාලය, කරෙයිනගර් පොන්නාලෙයි ගම්මානය, කන්කසන්තුරෙයි නල්ලිනක්කපුරම් යන ගම්මාන ආවරණය වන පරිදි සහ ශ්‍රී ලංකා නාවික නෞකා වේලුසුමන සහ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම් තුල පැවැත්විණි.
තවද, මෙම දන්ත වෛද්‍ය සායන සඳහා සහභාගී වූ නාවික හමුදා පුද්ගලයින් සහ සිසු දරු දැරියන් ඇතුළු සිවිල් ප්‍රජාව හට දන්ත සෞඛ්‍ය සේවාවන් නොමිලේ ලබා ගැනීමට අවස්ථාව උදාවු අතර, නිසි මුඛ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමද එහිදී සිදුකෙරුණි.