ආරක්‍ෂිත සහ කාර්යක්ෂම මාර්ග ප්‍රවාහන කළමනාකරණයක් කරා ගමන් කිරීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් ප්‍රවාහන සහයක නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආරම්භකරන ලද වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්, “රථවාහන ධාවන යෝග්‍යතාවය හා අනතුරු වැළැක්වීම” යන තේමාව යටතේ, 2025 අගෝස්තු මස 23 වැනි දින ශ්‍රී ලංකා පොලීසියේ සම්පත් දායකත්වයෙන්, වැලිසර නාවික රියදුරු පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධාන මොටර් රථ ඉංජිනේරු දෙපාර්ථමේන්තුව, මහබාගේ පොලිස් රථවාහන අංශය හා එක්ව, ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා නාවික රියදුරු පුහුණු පාසලේදී පවත්වන ලද, මෙම පුහුණු වැඩසටහන මඟින් රථවාහන නඩත්තු ප්‍රමිතීන්, මාර්ග ආරක්‍ෂණ රෙගුලාසි, රිය අනතුරු වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීම සහ කාර්යක්‍ෂම ප්‍රවාහන කලමාණාකරණයක් ස්ථාපත කිරීම සමබන්ධ දැනුවත් කෙරිණි. මෙම වැඩසටහන සඳහා බටහිර නාවික විධානයට අයත් ප්‍රවාහන සහායක නාවිකයින් සහ රිය ධාවකයින් පිරිසක් සහභාගී වූහ.

තවද, මාසිකව පැවැත්වෙන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින්; රථවාහන නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නඩත්තු කටයුතු සිදුකිරීම, මාර්ග ආරක්‍ෂණ රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීම, රිය අනතුරු වලක්වා ගැනීම සහ කාර්යක්‍ෂම ප්‍රවාහන කලමාණාකරණයක් ස්ථාපත කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.