ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මහතා 2025 ජුලි මස 30 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

මෙම නිල හමුවේදී, ඉදිරියේදී පැවැත්වීම‍ට නියමිත 2025 ‘ගාලු කතිකාව’ ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය සඳහා ප්‍රංශයේ සහභාගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සුහද පිළිසඳරක නිරත විය.

එම අවස්ථාව සඳහා ඉන්දියාවේ නවදිල්ලි හී නේවාසිකව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Colonel (Air Force) Emmanuel Peltriaux සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂක උපදේශක, Commander Jean Baptiste Trouche ද සහභාගීවී සිටියහ.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.