වැදගත් සිදුවීම්
නැව්පති සහ නාවික හමුදා ගොඩබිම් ආයතනයන්ගේ අණදෙන නිලධාරීන් අතර සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව COs Conclave - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි
නැව්පති සහ නාවික හමුදා ගොඩබිම් ආයතනයන්ගේ අණදෙන නිලධාරීන් අතර වාර්ෂිකව සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව (COs Conclave - 2025), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්ගේ සහභාගීත්වයෙන්, 2025 ජූලි මස 23 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.
23 Jul 2025
නාවික හමුදාවේ සහයෙන් සිලාවතුර ප්‍රදේශයේ ප්‍රජා අක්ෂි සායනයක් පවත්වයි
‘සදහම් කැදැල්ල’ සංවිධානය මඟින් සංවිධානය කල ප්‍රජා අක්ෂි සායනයක්, සිලාවතුර ප්‍රාදේශීය රෝහලේදී 2025 ජුලි මස 19 වැනි දින පැවැත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
23 Jul 2025


