ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ (Trincomalee Naval Exercise - TRINEX 25) සමාරම්භය අද (2025 ජුලි 22) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදුකෙරුණු අතර, මෙම අභ්‍යාසය 2025 ජුලි මස 26 දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරය ආශ්‍රිතව, නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.