ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 258 සහ 259 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හැටඅට දෙනෙකු (368) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් දෙදෙනෙකු (42) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දස දෙනෙකු (410) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 ජූලි මස 18 වැනි දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලෝහිත ද සිල්වා ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් චන්දිම සිල්වා මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.