වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, මාර්තු 20 දිනට යෙදුණු ලෝක මුඛ සෞඛ්‍ය දිනය, ඔක්තෝබර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 ජුලි මස 13 වැනි දින සිට 16 වැනි දින දක්වා අම්පාර දිස්ත්‍රීක්කය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්විණි.

18 Jul 2025

අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමළය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද අසමමිතික යුද උපක්‍රම පාඨමාලාවේ (ASYMMETRIC WARFARE COURSE-2025) සහතිකපත් ප්‍රදානය කිරීම හා ලාංඡන පැලඳවීමේ උත්සවය 2025 ජූලි 12 වන දින එම මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

18 Jul 2025