අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමළය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද අසමමිතික යුද උපක්‍රම පාඨමාලාවේ (ASYMMETRIC WARFARE COURSE-2025) සහතිකපත් ප්‍රදානය කිරීම හා ලාංඡන පැලඳවීමේ උත්සවය 2025 ජූලි 12 වන දින එම මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
සති 10ක කාල සිමාවක් පැවති මෙම පාඨමාලාව සඳහා චීන මහජන සමූහාණ්ඩුව, ඉන්දීයාව, මැලේසියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් පුහුණුවන්නන් විසිතුන් දෙනෙකු (23) සහභාගී වූ අතර, පාඨමාලාව සඳහා අසමමිතික සමුද්‍රීය මෙහෙයුම් හා සම්බන්ධ න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඇතුලත් විය.
මෙම පාඨමාලාව පැවැත්වීම මඟින් විශේෂ මෙහෙයුම් පුහුණුව සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය තවදුරටත් තහවුරු කරන අතර, සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා කැපවී සිටින හවුල්කාර රාජ්‍යයන් සමඟ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමක්ද සිදු වේ.
තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ සහ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨනිලධාරීන් පිරිසක් සහභාගිවි සිටියහ.