ක්‍රීඩා තහනම් උත්තේජක පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී
ක්‍රීඩා තහනම් උත්තේජක පිලිබඳ නාවික හමුදා ක්‍රිඩා සංචිතයන්ට අයත් නාවික හමුද පුද්ගලයන්, ක්‍රිඩා උපදේශකයන් සහ පුහුණුකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්, තහනම් උත්තේජක විරෝධි ඒජන්සිය සහ පිරිසිදු ක්‍රීඩා අධ්‍යාපනඥ පෝෂණ ඒකකයේ සම්පත් දායකත්වයෙන් 2025 ජුලි මස 01 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, ‘තහනම් උත්තේජක භාවිතයෙන් තොර නිවැරදි පෝෂණ ක්‍රමවේද තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාව තුල පිරිසිදු ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කිරීම’ යන අරමුණ පෙරදැරිව පැවැත්වුණු මෙම වැඩමුළුවේදී; උත්තේජක මර්ධනය, නීති හා උල්ලංඝනය වීම්, තහනම් උත්තේජක භාවිතයේ අතුරු ඵල හා ඉන් වැලකීම, ඖෂධ හා පෝෂණ අතිරේක නිවැරදි භාවිතයේ වැදගත්කම සහ නිසි පෝෂණයක් ලබාගැනීමේ ප්‍රායෝගික භාවිත ක්‍රම පිළිබඳ දැනුවත් කෙරිණි.
තවද, තහනම් උත්තේජක විරෝධි ඒජන්සියේ සහකාර අධ්‍යක්‍ෂ චමත් ග්‍රීනික මහතා, පිරිසිදු ක්‍රීඩා අධ්‍යාපනඥ පෝෂණ ඒකකයේ බීපීඒවී බටවල මහතා සහ එම්වීඒඑම් නිමේෂා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සුජීව වීරසූරිය, අධ්‍යක්‍ෂ නාවික ක්‍රීඩා කොමදෝරු මංගල මුම්මුල්ලගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.