නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 571- නුවරවැව, ශ්‍රී සද්ධර්මවංශ විවේකාශ්‍රමන විහාරස්ථාන භූමිය තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2025 ජුලි මස 07 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1113ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව ඇත.
තවද, මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, 571 - නුවරවැව, ශ්‍රී සද්ධර්මවංශ විවේකාශ්‍රමන විහාරස්ථානය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.