කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් ප්‍රජා සත්කාරක දායකත්වය
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හී සිට කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2025 ජුනි මස 20 වැනි දින ආරම්භ කෙරිණි. එම කටයුතු නිරීක්‍ෂණය කරමින් පාද යාත්‍රාව සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එහිදී උපදෙස් ලබාදීම සිදුකෙරිණි.
ඒ අනුව, දකුණු සහ ගිණිකොන නාවික විධානයන්ගේ අධික්‍ෂණය යටතේ කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය ඔස්සේ කතරගම දක්වා වූ ගමන් මාර්ගයේදී බැතිමතුන් හට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ජිවීතාරක්‍ෂක සේවාවන්, පිරිසිදු පානීය ජලය හා සනීපාරක්‍ෂක පහසුකම්, ආහාර පාන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් ඇතුළු ප්‍රජාසත්කාරක දායකත්වය සැපයීම; අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණය වෙමින් සිදුකරනු ලබයි.
තවද, 2025 ජුලි මස 04 වැනි දින දක්වා පැවැත්වෙන මෙම පාද යාත්‍රාව සඳහා සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධනය වෙනුවෙන් දකුණු නාවික විධානය මඟින් සහ ගිණිකොන නාවික විධානය මඟින් සිදුකෙරෙන ප්‍රජාසත්කාරක සේවාවන්, අනෙකුත් සියලු පාර්ශ්වයන් හා සහයෝගීත්වයෙන් යුතුව අඛණ්ඩව ලබාදීමට එහිදී නාවික හමුදාධිපති විසින් අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.