වැදගත් සිදුවීම්
තාක්ෂණික ප්‍රවීණතාවය ලබාගත් ශිල්පීය අංශයේ නාවිකයන් 32ක් විසිර යයි
           වැලිසර, නාවික තාක්ෂණික ආයතනයේ 22 වැනි තාක්ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් තිස් දෙදෙනෙකු (32) විසිරයාම, 2025 ජුනි මස 20 වැනි දින වැලිසර, නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී, එම ආයතනයේ අධ්‍යයන අධ්යක්ෂ කපිතාන් හේමජිත් බණ්ඩාරගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හසන්ත දසනායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
21 Jun 2025
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
           නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙල්හිරියාව සහ කෝන්වැව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 20වැනි දින සිදු කෙරිණි.
21 Jun 2025
සාගරයේ තෙල් කාන්දු හා විසිරීම් කළමනාකරණය කර ගැනීමේ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් කන්කසන්තුරයේදී සාර්ථකව පවත්වයි
           ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල තෙල් විසිරීමක් සිදු වුවහොත් ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සූදානම වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය පරිසරයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් කන්කසන්තුරය වරායේ ‘පී.එච්’ ජැටිය ආශ්‍රිතව 2025 ජුනි මස 16 සහ 17 යන දෙදින තුළ සාර්ථකව පැවැත්විණි.
21 Jun 2025
නාවික හමුදාව මඟින් තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්
           ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, මුහුදේදී තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 ජුනි මස 11 සහ 18 යන දෙදින තුල යාපනය කයිට්ස් දූපතේ ශ්‍රී ලංකා නාවික නෞකා කණ්චදේව ආයතනයේදී සහ පුන්ගුඩුතිව් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
21 Jun 2025
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්
           ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජුනි මස 03 වැනි දින සිට 07 වැනි දින දක්වා කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහව, කුඹුක්ගැටේ සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ මුන්දලම, කොට්ටුකච්චිය හා ගගේ වාඩිය යන ප්‍රදේශ ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි.
21 Jun 2025


