නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙල්හිරියාව සහ කෝන්වැව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 20වැනි දින සිදු කෙරිණි.
මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1105ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, මෙම මධ්‍යස්ථාන 02 මඟින් තෙල්හිරියාව සහ කෝන්වැව යන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.