නාවික හමුදාව මඟින් තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, මුහුදේදී තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 ජුනි මස 11 සහ 18 යන දෙදින තුල යාපනය කයිට්ස් දූපතේ ශ්‍රී ලංකා නාවික නෞකා කණ්චදේව ආයතනයේදී සහ පුන්ගුඩුතිව් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධාන වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කෙරුණු මෙම පුහුණු වැඩසටහන මඟින්; මුහුදේදී ඇතිවන හදිසි රෝගී තත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදීම හා එවැනි හදිසි අවස්ථාවක් කළමනාකරණය කරගන්නා ආකාරය, බෝ නොවන සහ පූර්ව බෝ නොවන රෝග වැළැක්වීම, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, මානසික යහපැවැත්ම මෙන්ම, යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කර, බල ගැන්වීම සිදු කෙරිණි.