නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජුනි මස 03 වැනි දින සිට 07 වැනි දින දක්වා කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහව, කුඹුක්ගැටේ සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ මුන්දලම, කොට්ටුකච්චිය හා ගගේ වාඩිය යන ප්‍රදේශ ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය, නවික හමුදා සේවා වනිතා ඒකකය හා එක්ව, යුනිලීවර් (පුද්ගලික) ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් සංවිධානය කල මෙම දන්ත වෛද්‍ය සායනය කුරුණෑගල කුඹුක්ගැටේ වැල්ලගල විද්‍යාලය, නාවික ස්ථානගත කිරීම මහව සහ පුත්තලම මුන්දලම සිංහල ප්‍රාථමික විද්‍යාලය, වඩත්ත කෝට්ටුකච්චිය සිරි සරණංකර පිරිවෙන් විහාරය සහ ගගේ වාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථානය යන ප්‍රදේශ හා ස්ථාන ආශ්‍රිතව පැවැත්විණි.
තවද, මෙම දන්ත වෛද්‍ය සායන සඳහා සහභාගී වූ ගරුතර භික්‍ෂූන් වහන්සේ සහ පාසල් දරුදැරියන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව හට නොමිලේ දත් පරීක්‍ෂා කිරීම හා පිරිසිදු කිරීම ඇතුළු දන්ත සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථාව උදාවු අතර, එම සායනයේදී දන්ත සෞඛ්‍ය ඉහල නැංවීම සහ නිසි මුඛ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමද සිදුකෙරුණි.