ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දු - ශාන්තිකර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් 12 වන බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය සඳහා සහභාගී වෙමින් අදහස් දක්වයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ, ශාන්තිකර කලාපීය බළඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ST Koehler ගේ සත්කාරකත්වයෙන්, දොලොස්වන (12) බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය (12th Multilateral Maritime Virtual Key Leadership Engagement) 2025 ජුනි මස 18 වැනි දින හවායි හී සිට මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සාර්ථකව පැවැත්වුනු අතර, එම නායකත්ව සැසිය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සිට එක්වෙමින් ඉන්දු - ශාන්තිකර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපායමාර්ගික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් දැක්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය සඳහා ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බෲනායි, කැනඩාව, චිලී, ෆීජි, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, නවසීලන්තය, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, කොරියානු ජනරජය, සිංගප්පූරුව, තායිලන්තය, ටොංගා සහ වියට්නාමය ඇතුළු රාජ්‍යයන් දහනමයක (19) නාවික හමුදා ප්‍රධානීන් සහභාගී වූහ.
තවද, ඉන්දු - ශාන්තිකර කලාපයේ සමුද්‍රීය ආරක්‍ෂක අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නවෝත්පාදන හා තාක්‍ෂණය යොදා ගැනීම යන තේමාව යටතේ පැවති මෙම නායකත්ව සැසිය සඳහා එක්වූ නාවික හමුදාධිපති, ඉන්දු - ශාන්තිකර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාවේ දැක්ම පිළිබඳව උපායමාර්ගික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීම සිදුකෙරිණි.