වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති 2025 ජුනි මස 06 වැනි දින සිට 08 වැනි දින දක්වා වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කර, එම කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
09 Jun 2025
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇහැටුවාගම, අමුණුකොලේ, අඩම්පනේ සහ කටුපත් වැව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 06 වැනි දින සිදු කෙරිණි.
09 Jun 2025
ජගත් සාගර දින ජාතික වැඩසටහන කොළඹ වරාය නගරයේදී
ජුනි මස 08 වැනි දිනට යෙදී ඇති ජගත් සාගර දිනය නිමිත්තෙන්, සාගරයේ පාරිසරික හා ආර්ථික වැදගත්කම සහ අනාගතය වෙනුවෙන් සාගරය රැක ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන 2025 ජූනි මස 08 වැනි දින කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්විණි.
09 Jun 2025
කල්මුනේ, ලාෆීර් විද්‍යාලය ආකර්ශණීය ලෙස ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කල්මුනේ, ලාෆීර් විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දෙමින් පුරවැසි බල ගැන්වීම, 2025 මැයි මස 30 වැනි දින සිදු කෙරිණි.
09 Jun 2025


