වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත මුහුදේ කොරල් පරිසර පද්ධතිය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත මුහුදේ කොරල් පරිසර පද්ධතියේ ජෛව විවිධත්වයට හානි ගෙන දෙන ලෙස කොරල් පර මත රැඳී ඇති ධීවර දැල්, ප්ලාස්ටික් කැලිකසල ඇතුළු සුන්බුන් සහ ආක්‍රමණශීලී ජීවීන් ඉවත් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක්, ජගත් පරිසර දිනයට සමඟාමීව, 2025 ජුනි මස 02 වැනි දින, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, ඒ සඳහා කිමිදුම් සහාය ලබාදෙමින්, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

04 Jun 2025

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්‍ෂක අමාත්‍ය ගරු රිචර්ඩ් මාල්ස් මහතා නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්‍ෂක අමාත්‍ය ගරු රිචර්ඩ් මාල්ස් මහතා (Hon. Richard Marles) ඇතුළු ඕස්ට්‍රේලියානු දූත පිරිසක් අද (2025 ජුනි 03) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

04 Jun 2025