ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්‍ෂක අමාත්‍ය ගරු රිචර්ඩ් මාල්ස් මහතා නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්‍ෂක අමාත්‍ය ගරු රිචර්ඩ් මාල්ස් මහතා (Hon. Richard Marles) ඇතුළු ඕස්ට්‍රේලියානු දූත පිරිසක් අද (2025 ජුනි 03) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
ඒ අනුව, ගරු ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සමඟ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.
එම අවස්ථාව සඳහා ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් Gregory Laurence Moriarty මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ගරු Paul Stephens මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්‍ෂක අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක Simon Eric O’Connor මහතා සහ උතුරු හා දකුණු ආසියානු ශාඛාවේ සහකාර ලේකම් Karen Radford මහත්මිය යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස සහභාගී වූහ.
මෙම නිල හමුවට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේදී, සමුද්‍රීය බල ප්‍රදේශ සහ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ කාර්යයභාරය සම්බන්ධයෙන් ගරු ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්‍ෂක අමාත්‍ය ඇතුළු ඕස්ට්‍රේලියානු දූත පිරිස, ඉදිරිපත් කිරීමක් මඟින් දැනුවත් කිරීම සහ ඒ හා සම්බන්ධ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමුරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.
තවද, ඕස්ට්‍රේලියානු දූත පිරිස සමඟ නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු සාකච්ඡාමය වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති, දකුණු නාවික විධානයේ ආඥාපති හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.