39 වන සරඹ උපදේශක පාඨමාලාව නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 39 වැනි සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ කණිෂ්ඨ නාවිකයන් පස් දෙනෙකු (05), එම පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කරමින් සරඹ උපදේශකයින් ලෙස විසිරයාම, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී, එම විද්‍යාපීඨයේ අඥාපති, රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්ගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි මස 29 වැනි දින සිදුකෙරිණි.

ඒ අනුව, සති 24ක් පුරා පැවති මෙම පාඨමාලාවේ සියළුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් විශිෂ්ඨ සරඹ හැකියාවක් පෙන්නුම් කළ, 39 වැනි සරඹ උපදේශක පාඨමාලාවේ දක්‍ෂතම සරඹ උපදේකයාට හිමි තඹ ආලේපිත දම්වැල සහ නලාව නායක නැවි ඩබ්එම්ඒඑස්ඒස් බංඩාර, ඒක්ස්ඒස් 111384 විසින් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වෙතින් හිමිකර ගැනීමට සමත් විය. එමෙන්ම, පාඨමාලාව සම්පූර්ණ කළ සියළුම කණිෂ්ඨ නාවිකයින් වෙත සරඹ උපදේශකයින් සඳහා හිමි පියවර කෝදුව සහ නලාව ලබාදීම එහිදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ අඥාපති විසින් සිදුකෙරිණි.

තවද, මෙම විසිරයාමේ උත්සවය සඳහා ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.