ඉංග්‍රීසි භාෂා කඳවුර නියමු ව්‍යාපෘතිය 01/2025 ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය
ස්වේච්ඡා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය වර්ධනය කිරීම වෙනුවෙන්, වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ කෙරුණු ඉංග්‍රීසි භාෂා කඳවුර නියමු ව්‍යාපෘතියෙහී (English Camp Pilot Project – 01/2025) සමාප්ති උළෙල, 2025 මැයි මස 30 වැනි දින ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංග්‍රීසි භාෂා උපදේශකයින්ගේ සම්පත් දායකත්වයෙන් විවිධ න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව දින දාහතරක් (14) පුරා පැවති මෙම පලමු ඉංග්‍රීසී භාෂා කඳවුර මඟින්, ස්වේච්ඡා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සහ කථන හැකියාව වර්ධනය කිරීම අපේක්‍ෂා කෙරිණි.
තවද, ඉංග්‍රීසි භාෂා කඳවුර නියමු ව්‍යාපෘතිය 01/2025 සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ පාලක ප්‍රධාන සුළු නිලධාරී සිව්දෙනෙකු (04) සහ සමූහ ප්‍රධාන සුළු නිලධාරී තිදෙනෙකු (03) ඇතුළුව ජ්‍යෙෂ්ඨ නාවිකයින් විසි දෙනෙකු (20) සහභාගී වූහ.