නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී, 2025 මැයි මස 30 වැනි දින පැවැත්විණි.

ඒ අනුව, මෙම ලේ දන්දීමේ වැඩසටහන, ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමඟාමීව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, බටහිර නාවික විධාන ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, රාගම උතුරු කොළඹ ශීක්‍ෂණ රෝහලේ ලේ බැංකුව හා සම්බන්ධීකරණයවී, සිදුකෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බටහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහ.