09 වැනි දීර්ඝ සැපයුම් කළමණාකරන පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී
දිර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලා අංක 09 හී සහතික ප්‍රදානෝත්සවය 2025 ජුනි මස 01 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.
මෙහිදී, 09 වැනි දීර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් වෙත නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සහතික පත්‍ර ප්‍රධානය සිදුකෙරුණි. ලුතිනන් කොමාණ්ඩර් (සැ) ඩීජීඑම් වීරරත්න පාඨමාළාවේ සියළුම අධ්‍යන විෂයන් ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරියා ලෙසත්, ලුතිනන් කොමාණ්ඩර් (සැ) එස්වයිඑච්කේ කරුණාරත්න පාඨමාළාවේ නාවික විෂයන් ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරිණිය ලෙසත්, ලුතිනන් කොමාණ්ඩර් (සැ) එස්ඩබ්ජීඑම්කේබී විජයකෝන් වඩාත් උද්යෝගයෙන් පාඨමාලාව සිදුකළ නිලධාරියා ලෙසත් ත්‍යාග සහ කුසලාන හිමිකර ගන්නා ලදි.
සහතික ප්‍රධානය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ නාවික හමුදාධිපති ප්‍රථමයෙන් සහතිකපත් ලාභීන් වෙත සිය සුභාසින්ෂණය පිරිනමන ලදී. පුහුණුව හා සංවර්ධනය ආයතනික දියුණුව සඳහා අත්‍යාවශ්‍ය කරුණක් බැවින්, අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨයන් විසින් තරුණ නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමට නිරතුරුව කටයුතු කලයුතු බවත් පැවසූ නාවික හමුදාධිපති, අධ්‍යයන ක්ෂේත්‍රයේ ලබා ගන්නා ජයග්‍රහණ තුලින් වෘත්තීය නිපුණත්වය ලඟා කර ගැනීමට මහඟු අභිප්‍රේරණයක් ගෙන දෙනවා පමණක් නොව විශාල ආදර්ශයක් ගෙනදීමද සිදුවන බවත්, ඒ වෙනුවෙන් කැපවූ නාවික හා සාගරික විද්‍යාපීඨයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පුහුණු කාර්යය මණ්ඩල වෙත සිය ප්‍රණාමය පුදකර සිටින බවත් පවසන ලදී.