නාවික හමුදාවේ දායකත්වයෙන් පරිසර හිතකාමී වැඩසටහනක්
2025 වර්ෂයේ ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමීව, නාවික හමුදාව විසින් සංවිධානය කෙරුණු පරිසර හිතකාමී වැඩසටහන් යටතේ සිදුකෙරුණු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක්, 2025 මැයි මස 29 වැනි දින ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්විණි.
ඒ අනූව, නාවික හමුදා මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නාවික හමුදා පුද්ගලයින්ගේ දායකත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ සුන්දරත්වය සහ ආකර්ශනීය බව ප්‍රතිස්ථාපනය කරමින්, වෙරළ තීරයේ විසිර තිබූ අපද්‍රව්‍ය පරිසර හිතකාමි ලෙස බැහැර කිරීම මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන මඟින් සිදු කෙරිණි.