නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් කරවිලගල, ආනන්ද සම්බෝධි විහාරස්ථානයේදී ජනතා අයිතියට පත්කෙරේ.
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරවිලගල ආනන්ද සම්බෝධි විහාරස්ථාන භූමිය තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 මැයි මස 27 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1099ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධස්ථානය මඟින් කරවිලගල ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන සංකල්පය අනුව යමින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ සහ වකුගඩු රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම නාවික සමාජ සත්කාර ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට සිදුකරනු ලබයි.