ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 මැයි මස 21, 24 වැනි දිනයන්හීදි ත්‍රීකුණාමලය කොඩ්බේ සහ වාලච්චේන ධීවර වරායන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් ලෙස නැගෙනහිර නාවික විධාන රෝහල මඟින් සංවිධානය කල මෙම වැඩසටහන මඟින්, මුහුදේදී ඇතිවන හදිසි රෝගී තත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදීම හා එවැනි හදිසි අවස්ථාවක් කළමණාකරනය කරගන්නා ආකාරය, බෝ නොවන සහ පූර්ව බෝ නොවන රෝග වැළැක්වීම, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, මානසික යහපැවැත්ම මෙන්ම සෞඛ්‍ය පිළිවෙත්වල වැදගත්කම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි.