නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහන් දෙකක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් දෙකක්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදී සහ නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී, 2025 මැයි මස 22, 23 යන දිනයන්හීදි පැවැත්විණි.
ඒ අනුව, මෙම ලේ දන්දීමේ වැඩසටහන්, ජාතික රණවිරු අනුස්මරණ දිනය හා වෙසක් පුන් පොහෝ දිනයට සමඟාමීව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සිදුකෙරිණි. මේ අනූව, උතුරු මැද ආඥාපතිගේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණයෙන් මන්නාරම දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුව හා සම්බන්ධීකරණය වී 2025 මැයි මස 22 වැනි දින එක් වැඩසටහනක් පැවැත්වූ අතර, අනෙක් වැඩසටහන නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණය යටතේ 2025 මැයි මස 23 වැනි දින නැගෙනහිර විධාන රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදි.
තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයේ සහ උතුරු මැද නාවික විධානයන්හි නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහ.