ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 09 වැනි සභාපති පත් කිරීමේ උත්සවය වැලිසරදී
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව (09) වැනි සභාපතිගේ පදවි ප්‍රාප්ති උළෙල, 2025 මැයි මස 20 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් වැලිසර ‘වේව් ඇන් ලේක්’ නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.
ඒ අනුව, මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය බ්‍රිගේඩියර් ප්‍රිමාල් පීරිස් විසින් සිදුකිරීමෙන් අනතුරුව, ඔහු විසින් 2024 - 2025 වර්ෂයේ හෙබවූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිත්වය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, රියර් අද්මිරාල් ජානක මාරඹේ වෙත නිල වශයෙන් භාර දීම මෙලෙස, 2025 මැයි මස 20 වැනි දින සිදු කෙරිණි.
එමෙන්ම, මෙම උත්සවයට සමඟාමීව විශේෂඥ වෛද්‍ය සේවා සඳහා දායකත්වය දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දක්වන අඛණ්ඩ සහයෝගය සහ කැපවීම ඇගයීම වෙනුවෙන්, එම විශේෂඥ වෛද්‍යවරුන් වෙත ගෞරව පුද කිරීම පිණිස විශේෂ උපහාර දැක්වීමක් ද සංවිධානය කෙරිණි.
තවද, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ ගරු ලේකම්, වෛද්‍ය කොමාණ්ඩර් අෂානි රත්නකීර්ති විසින් සිදුකල ස්තූති කතාවෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු නිමාවට පත්විය. මෙම උත්සව අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපති වරුන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා ඇතුළු නාවික හමුදාවේ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.