නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 මැයි මස 20 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, ජාතික රණවිරු අනුස්මරණ දිනය හා වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන, අනුරාධපුර ශීක්‍ෂණ රෝහල සහ වවුනියාව දිස්ත්‍රික් රෝහලෙහි ලේ බැංකු හා සම්බන්ධීකරණය වී සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උතුරු මැද නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායක වූහ.