නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2025 මැයි මස 20 වැනි දින ක්‍රියාත්මක කෙරිණි.
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ගඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු ද්‍රව්‍ය ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව විසින් නිරන්තර දායකත්වය දක්වයි.
ඒ අනුව, 2025 මැයි මස 20 වැනි දින දකුණු නාවික විධානය මඟින් එම විධානයට අනුයුක්ත නාවික හමුදා කණ්ඩායමක් යොදවා, ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදිකර ඇති අගලිය පාලම තුල සිදුකල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම මඟින්, ජලය ක්‍රමවත්ව බැස නොයාමෙන් එම ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම වැලැක්වීමට හැකි විය.