වැදගත් සිදුවීම්
ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
           ඉන්දියාවේ නවදිල්ලි නුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany නාවික හමුදා මූලස්ථානයේදී අද (2025 මැයි 20) නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
20 May 2025
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා රාගම ‘රණවිරු සෙවණ’ හී නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වෙයි
           මැයි මස 19 දිනට යෙදුනු ජාතික රණවිරු සැමරුම් උළෙලට සමඟාමීව, ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා 2025 මැයි මස 19 වැනි දින, හමුදාධිපති වරුන් සමඟ රාගම ‘රණවිරු සෙවණ’ තුල නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
20 May 2025
ජාතික රණවිරු සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී
           2025 ජාතික රණවිරු සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධි නායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍යංශය හා රණවිරු සේවා අධිකාරියේ සංවිධායකත්වයෙන් 2025 මැයි මස 19 වැනි දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්විණි.
20 May 2025
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය කොළඹදී ආරම්භ වෙයි
           ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය අද (2025 මැයි 19) ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී, ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එහි සමාරම්භක දේශනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සිදුකෙරිණි.
20 May 2025


