ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany නාවික හමුදා මූලස්ථානයේදී අද (2025 මැයි 20) නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
මෙම නිල හමුවේදී, ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක විසින් දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සමඟ සුහද පිළිසඳරක නිරත විය.