නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා රාගම ‘රණවිරු සෙවණ’ හී නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වෙයි

මැයි මස 19 දිනට යෙදුනු ජාතික රණවිරු සැමරුම් උළෙලට සමඟාමීව, ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා 2025 මැයි මස 19 වැනි දින, හමුදාධිපති වරුන් සමඟ රාගම ‘රණවිරු සෙවණ’ තුල නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ඒ අනුව, මානුෂීය මෙහෙයුම හමුවේ රණක්ෂිතයට පත්ව රාගම ‘රණවිරු සෙවණ’ තුල නේවාසිකව ප්‍රථිකාර ලබන වීරෝධාර රණවිරුවන් සමඟ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා සහ හමුදාධිපතිවරුන් විසින් සුහද පිළිසඳරක නිරතවෙමින්, රණවිරුවන් සිදුකල සුවිශේෂී කැපකිරීම ඇගයීම සහ දිරිගැන්වීමද එහිදී සිදුකෙරිණි.