ජාතික රණවිරු සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී
2025 ජාතික රණවිරු සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධි නායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍යංශය හා රණවිරු සේවා අධිකාරියේ සංවිධායකත්වයෙන් 2025 මැයි මස 19 වැනි දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්විණි.
ඒ අනුව, ජාතික රණවිරු අණුස්මරණ සැමරුම් උළෙලෙහිදී, දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින්, ගරු ජනාධිපති තුමන් විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා ප්‍රථමයෙන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදි.
එමෙන්ම, මානුෂීය මෙහෙයුම සඳහා දායක වූ එවකට යුද, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ලෙස කටයුතු කල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනැමීමෙන් අනතුරුව, ත්‍රිවිධ හමුදාධිපති වරුන්, වැඩ බලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රණවිරු සේවා අධිකාරිය සහ එම සේවාවන්හි විශ්‍රාමික නිලධාරීන් නියෝජනය කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමන ලදි.
තවද, දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් දිවි පිදූ සහ අතුරුදහන් වූ වීරෝධාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනැමීමෙන් අනතුරුව, 2025 රණවිරු සැමරුම් උළෙල නිමාවට පත් විය.