ශ්රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් මෙහෙයුම් හැකියාව පුළුල් කරමින් 2025 මැයි මස 18 වැනි දින  ත්රිකුණාමලය අලියා දුපත අසල ගැඹුරු මුහුදේ දී, නාවික හමුදා කිමිදුම් කරුවන් නව දෙනෙකුගෙන් (09) යුත් කණ්ඩායමක් මීටර් 100ක් දක්වා කිමිදී නාවික හමුදා කිමිදුම් මෙහෙයුම් පුළුල් කිරීමට සමත් වූ අතර, එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම සුවිශේෂි ජයග්රහණය ඇගයීමට ලක් කෙරිණි.