ශ්‍රි ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේදී ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව පාසල් සිසුන්ගේ පුද්ගලික සෞඛ්‍යය, සනීපාරක්ෂාව, රෝග වැළැක්වීම සහ මූලික හදිසි ප්‍රතිචාර දැක්වීම යන ක්ෂේත්‍රවල දැනුම සහ සූදානම වැඩි දියුණු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනක්, 2025 මැයි මස 14 සහ 15 යන දෙදින ත්‍රීකුණාමලය තිස්ස විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ජනතාව තුල මහජන සෞඛ්‍ය දැනුවත්භාවය සහ හදිසි සෞඛ්‍ය ආපදා තත්වයන් කළමණාකරනය කර ගැනීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් නැගෙනහිර නාවික විධානය විසින් සිදුකෙරෙණ නාවික හමුදා සාමාජීය මෙහෙවර ‍ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරුණු මෙම ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන මඟින්, පාසල් දරුවන්ගේ නිවැරදි සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න දරුවන් පිරිසක් දායාද කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කරනු ලබයි.