වැදගත් සිදුවීම්
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් නාවික හමුදාව සම්බුදු තෙමඟුල සමරයි
           2025 මැයි මස 12 වැනි දිනට යෙදුණු සම්බුදු තෙමඟුල සැමරීමේ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සෑම නාවික විධානයකම බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර ඇති අතර, නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය, කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සහ බුද්ධ රශ්මී වෙසක් කලාපය සඳහා ද නාවික හමුදාව බැති සිතින් දායක වෙයි.
16 May 2025
ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ
           ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්ථාපිත රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ ඒකක (CBRN Units) මඟින් සිදුකෙරෙන පරීක්ෂා කිරීම් සඳහා අවශ්‍ය න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් නාවික හමුදාධිපති වෙත සංකේතාත්මකව භාරදීම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2025 මැයි 15) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
16 May 2025
ගාලු කථිකාව 2025 නිල වෙබ් අඩවිය එළිදැක්වේ
           ‘Maritime outlook of the Indian ocean under changing dynamics’යන තේමාව පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනු ලබන ගාලු කථිකාව 2025 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සඳහා වන නිල වෙබ් අඩවිය එළිදැක්වීම, අද (2025 මැයි 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණී.
16 May 2025
නාවික හමුදාධිපති විසින් කොළඹදී ආරම්භ වූ ඒකාබද්ධ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක දින ප්‍රධාන දේශණය සිදුකරයි
           ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය (Institute of National Security Studies - INSS), Consortium of South Asian Think Tanks (COSATT) සංවිධානය සහ Konrad-Adenauer-Stiftung (KAS) සංවිධානය හා එක්ව සංවිධානය කරනු ලබන ඒකාබද්ධ ජාත්‍යන්තර සමුළුව අද (2025 මැයි 15) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, එම සමුළුවේ සමාරම්භක දින ප්‍රධාන දේශණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සිදුකෙරිණි.
16 May 2025


