ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් නාවික හමුදාව සම්බුදු තෙමඟුල සමරයි

2025 මැයි මස 12 වැනි දිනට යෙදුණු සම්බුදු තෙමඟුල සැමරීමේ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සෑම නාවික විධානයකම බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර ඇති අතර, නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය, කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සහ බුද්ධ රශ්මී වෙසක් කලාපය සඳහා ද නාවික හමුදාව බැති සිතින් දායක වෙයි.

ඒ අනුව, නුවරඑළිය රාජ්‍ය වෙසක් කලාපය සහ කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපය තුළ චිත්‍රවත් පහන් කූඩූ ප්‍රදර්ශනය කිරීම, එම විහාරස්ථානය ඉදිරිපස බේරේ වැව පරිශ්‍රයෙහි යාත්‍රා මත සිට භක්ති ගීත ගායනා ඉදිරිපත් කිරීම සහ විදුලි ආලෝක සැරසිලි සඳහාද නාවික හමුදාව දායකත්වය ලබා දෙනු ලබයි.

තවද, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් බොදු බැති ගී වැඩසටහනක් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී 2025 මැයි මස 15 වැනි දින පවත්වන ලදි.