නාවික හමුදාධිපති විසින් කොළඹදී ආරම්භ වූ ඒකාබද්ධ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක දින ප්‍රධාන දේශණය සිදුකරයි
ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (Institute of National Security Studies - INSS), Consortium of South Asian Think Tanks (COSATT) සංවිධානය සහ Konrad-Adenauer-Stiftung (KAS) සංවිධානය හා එක්ව සංවිධානය කරනු ලබන ඒකාබද්ධ ජාත්‍යන්තර සමුළුව අද (2025 මැයි 15) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, එම සමුළුවේ සමාරම්භක දින ප්‍රධාන දේශණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සිදුකෙරිණි.
‘MARITIME SECURITY OF SMALL, MIDDLE AND ISLAND NATIONS: BETWEEN COMPETITION, COOPERATION AND CO-EXISTENCE’ යන තේමාව පෙරදැරිව 2025 මැයි මස 15 සහ 16 දෙදින පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, ජාතික බුද්ධි ප්‍රධානී සහභාගී වූ අතර, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සමුළුව සඳහා සහභාගී වූහ.
ඒ අනුව, මෙම සමුළුව අමතමින් ප්‍රධාන දේශණය සිදුකල නාවික හමුදාධිපති, කුඩා මධ්‍යම සහ දූපත් රාජ්‍යයන්ගේ සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳව කටයුතු කිරීමේදී තරඟකාරීව, එහෙත් සහයෝගීතාවයෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරනය කෙරිණි.
තවද, මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා; ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, සිංගප්පූරුව, බංගලාදේශය, ජර්මනිය සහ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, විද්වතුන් සහ සමුද්‍රීය ආරක්‍ෂක ක්‍ෂේස්ත්‍රයේ විද්වතුන් පිරිසක් සහභාගී වී සිටියහ.