ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
නිල සංචාරයක් සඳහා 2025 මැයි මස 09 වැනි දින දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව අද (2025 මැයි 13) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
‘BEAUTEMPS BEAUPRE’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ වැදගත් සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීම සිදුකෙරුණු අතර, නෞකාවේ අණදෙන නිලධාරී හා කාර්ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ නිල හමුවීම් සිදුකර, ජල ශාස්ත්‍රීය සේවාව හා සම්බන්ධ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමද සිදුකෙරිණි.