නිල සංචාරයක් සඳහා දිවයිනට පැමීණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු Nakatani Gen මැතිතුමා සමඟ පැවති විශේෂ සාකච්ඡාව සඳහා ත්‍රිවිද හමුදාධිපතිවරුන් සහභාගී විය

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු Nakatani Gen මැතිතුමා ඇතුළු දූත පිරිස සමඟ ආරක්‍ෂක මුලස්ථාන සංකීරණයේදී 2025 මැයි මස 04 වැනි දින පැවිති විශේෂ සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහභාගී වෙයි.

තවද, මෙම සංචාරයට සමඟාමීව දෙවන ලෝක යුද සමය තුල ශ්‍රී ලංකාවේ දී මියගිය ජපාන ජාතිකයන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීමේ අවස්ථාව සඳහාද ජපාන දූත පිරිස සමඟ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්විය.