"Operation Lion EYE" ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය මීගමුව කළපුවේදී
ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සංවිධානය කල "Operation Lion EYE" ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය (Riverine training exercise) මීගමුව කලපු ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 2025 අප්‍රේල් මස 30 වැනි දින සාර්ථකව පැවැත්විණි.
රටක නාවික බලය මුහුදට පමණක් සීමා නොවන අතර, එම බලය රට අභ්‍යන්තර ජල මූලාශ්‍ර දක්වා දිවයයි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඝණය, මැරීන් බළකාය, බුද්ධි අංශය සහ මීගමුව දූව නාවික අනුඛණ්ඩයේ නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන්, බටහිර නාවික විධානය විසින් සංවිධානය කල මෙම ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය මඟින්, එවැනි ජලාශ්‍රිත ප්‍රදේශ ඔස්සේ සිදුකෙරෙණ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික උපාය උපක්‍රම පිළිබඳ දැණුම යාවත්කාලීන කිරීම හා වැඩිදියුණු කිරීම අපේක්‍ෂා කෙරිණි.