නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තාක්‍ෂණික වැඩසටහනක්
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තෙදින පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 26 වැනි දින සිට 28 වැනි දින දක්වා සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ආපදාවට පත්විය හැකි ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාව ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් දැනුවත් කර ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥ පුහුණු කරුවන් යටතේ තාක්‍ෂණික දැනුම වර්ධනය කිරීම වෙනුවෙන්, අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සිදුකල ඉල්ලීමකට අනුව, ගිණිකොණ නාවික විධානයේ කිමිදුම් අංශයේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු මෙම පුහුණූ වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි, කාර්තිව් සහ සයින්දමර්දු යන ප්‍රදේශ නියෝජනය කරමින් සිවිල් වැසියන් විසිතුන්දෙනෙකු (23) සහභාගී වූහ.
මෙම කිමිදුම් පුහුණු වැඩසටහන මඟින්, හදිසි ආපදා තත්වයකදී ප්‍රජාවගේ ක්‍ෂණික ප්‍රකෘතිමත් අවධියට එළඹීමේ හැකියාව වර්ධනය කිරීම, ඒ සඳහා සූදානම වැඩිදියුණු කිරීම, ඒ සම්බන්ධයෙන් ප්‍රජාවගේ ඵලදායි ප්‍රතිචාර සහතික කිරීම, දිය යට සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධ අවස්ථාවන්හිදී සහ ස්වාභාවික විපත් අවස්ථාවන්හිදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රජාව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ප්‍රජාව දැනුවත් කිරීම හා බල ගැන්වීම සිදු කෙරිණි.