අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් තුල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 03ක් පිරිසිදුකර ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම වෙනුවෙන් ප්‍රජා බල ගැන්වීම සඳහා 2025 අප්‍රේල් මස 20, 22 සහ 28 දිනයන්හීදී නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම ගිණීකොන නාවික විධානය මඟින් සිදු කෙරිණි.

ඒ අනුව, 2025 අප්‍රේල් මස 20 වැනි දින අම්පාර, කරෛයිතිවු, ආර්කේඑම් බාලිකා විද්‍යාලයත්, 2025 අප්‍රේල් මස 22 වැනි දින අම්පාර, සයින්තමරුතු එම්එච්එම් අෂ්රෆ් විද්‍යාලයත් සහ 2025 අප්‍රේල් මස 28 වැනි දින අම්පාර, කරෛයිතිවු අල් හුසේන් විද්‍යාලයත්, එම විද්‍යාලයන්ගේ දරුවන්, ගුරු භවතුන් සහ දෙමාපියන් හා එක්ව පිරිසිදුකර අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කර, අධ්‍යාපනයට හිතකර පරිශ්‍ර බවට පරිවර්ථනය කර, ප්‍රජා බලගැන්වීම සඳහා මෙලෙස නාවික හමුදාවේ ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දීම සිදු කෙරිණි.

තවද, මෙම ජාතික ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නාවික හමුදාව පාසල් පරිශ්‍ර 42ක් දරුවන්ගේ ඉගෙනීමට හිතකර ආකර්ෂණීය පරිශ්‍ර ලෙස ප්‍රථිස්ථාපනය කිරීමට මේ වන විට දායකවී ඇත.